About us

VIDYADARSHA NATIONAL SCHOOL - NOCHCHIYAGAMA


පාසල් ඉතිහාසය - පාසලේ ඓතිහාසික තොරතුරු

  • පාසල ආරම්භය - 1929.06.10
  • ආරම්භක විදුහල්පති - යු.බී. දිසානායක
  • ගොඩනැගිලි ගණන - 01
  • අධ්‍යාපන කාර්යාලය - මහනුවර
  • පැවති ස්ථානය - වර්ථමාන බස් නැවතුම්පල පිහිටි ස්ථානය
  • මහා විද්‍යාල තත්වයට පත්වීම - 1956.01.03
  • පැවතුන පංති - 06 වසර සිට ජේෂ්ඨ දක්වා
  • සියලුම පංති ( 1 වසර සිට 13 වසර දක්වා) 1958.01.20
  • ප්‍රාථමික අංශය වෙනම පාසලක් බවට පත්වීම - 2001.01.31
  • තාක්ෂණ අංශ්‍ය ආරම්භය - 2013 වර්ෂය
  • ක්‍රීඩා නිවාස - සූර, වීර. තේජ, ධිර

පාසලේ ප්‍රතිපත්ති

  • දිනපතා පෙ.ව 7.30 ට පෙර පාසලට පැමිණීය යුතුය.
  • එක් දිනකට වඩා පාසලට නොපැමිණෙන විටදී ශිෂ්‍ය වාර්තා පොත මගින් දැනුම් දිය යුතුය.
  • සියලුම සිසුන් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා කාලය තුල පාසල් භූමියෙන් නිසි අවසරයකින් තොරව නොයා යුතුය
  • ජංගම දුරකථන , සීඩී තැටි , කැමරා වැනි නොගැලපෙන උපකරන හා පුවත් පත් , සගරා , පත්‍රිකා රැගෙන නොආ යුතුය
  • විදුහලේ ගෞරවයට හා නීතියට හානි වන පරිදි පාසල තුලදී හා පිටතදී හැසිරීම නොකල යුතුය
  • විද්‍යාලය තුලදී නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  • විද්‍යාලයේ සියලුම ගුරුවරුන්ට කීකරුව හා අවනතව සිටිය යුතු අතර, ශිෂ්‍ය නායක නායිකාවන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
  • පාසලේ නීති රීති උල්ලංඝනය කරන නොමනා පැවතුම් ඇති සිසුන්ට සුදුසු දඩුවම් පමුනුවනු ලැබේ.එම වරද හා දඩුවම් පෞද්ගලික ලිපි ගොනුවෙහි සටහන් කෙරේ.පාසලෙන් චරිත සහතිකයක් නිකුත් කිරීමේදී මෙය සැලකිල්ලට ගනු ලැබේ.

Video Lessons and other educational materials ...

icon

Learn Courses online

View more
icon

Online Library Store

View more

විද්‍යාලීය නිල ඇඳුම

පිරිම් ළමුන්

  • සෑම කනිෂ්ඨ ශිෂ්‍යයෙකුම සුදු කොට කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී පාසලට පැමිණිය යුතුයි.
  • සෑම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුගේම නිල ඇදුම වන්නේ සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසයයි
  • පිරිමි ළමුන්ගේ කමිස සාක්කුවේ උඩ පාසල් නිල ලාංජනය මසා තිබිය යුතුයි.සියලුම පිරිමි ළමුන් කළු සපත්තු හා කළු මේස් ඇඳිය යුතුයි.
  • සියලුම ශිෂ්‍යයින් කොණ්ඩය කොටට කපා හොඳින් පීරා සකස් කර තිබිය යුතුයි .ජෙල් පාවිච්චිය සපුරා තහනම් වේ.හිස මුඩු කිරිම හා හිස වර්ණ කිරිම නොකල යුතුය.

ගැහුණු ළමුන්

  • සෑම ශිෂ්‍යාවක්ම නිවැරදි පාසල් නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුයි.
  • නිල ඇදුම කොළරය සහිත විය යුතු අතර, සාය කොටසේ මැද රැල්ල අඟල් 02 ක් හා දෙපසට අඟල් 01 ක ප්‍රමාණය සිටින සේ රැළි දෙක බැගින් තිබිය යුතුය.නිල ඇදුම දණ හිසෙන් අඟල් 02 ක් පහලට සිටින සේ ඇදිය යුතුය. නියමිත විද්‍යාලයීය ටයි පටිය පැළඳිය යුතු අතර, පාසල් නිල ලාංජනය ගවුමේ වම්පස මසා තිබිය යුතුය.
  • සියලුම ගැහැණු ළමුන් සුදු සපත්තු හා සුදු මේස් ඇඳිය යුතුය .
  • පාසලෙහි ශිෂ්‍යයෙකු,ශිෂ්‍යාවක වශයෙන් සිටින තාක් පාසලට පැමිණෙන කවර අවස්ථාවක වුවද, පාසලෙ නිල ඇදුමෙන් පැමිණිය යුතුය.පාට ඇදුම් ඇදිය හැක්කේ විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය ඇති විටෙක පමණි.
  • සාමාන්‍ය කරාබු හැර ව්සිතුරු කර්ණාභරණ, මුදු, මාල වළලු ආදිය දැමිමෙනේ වැළකිය යුතුය.
  • ශිෂ්‍යාවන් කොණ්ඩය පීරා කරල් දෙකකට ගොතා අග කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා ඇත්නම් නිසි ලෙස පිරා බෙල්ලට නොවැටෙන සේ සකස් කර තිබිය යුතුය.

ads
img

New Students are welcome to our school

Vidyadarsha National School - Nochchiyagama

අපගෙ දැක්ම

මිනිසත්කම අගයන, නව ලොවක් තනන්නට නිර්මාණශිලී, අභිමානවත්, දූ පුතුන්, රටට දැයට පුදමු


අපේ මෙහවෙර

ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම


icon

Class Rooms

We have all together 65 class rooms in our school.

icon

Students

There are more than 2750 students are studing in our school.

icon

At Service

Our school reaching 100 years service as school.

icon

Staff

More than 100 staff members are offering their service to our school.

experts management team members

Principal and Deputy Principals of the school


Principal

Mrs. I.G.K. Indika Rathnasiri

Vidyadarsha National School - Nochchiyagama

Dep. Principal

Mrs. Chandani Kumanayaka

Vidyadarsha National School - Nochchiyagama

Dep. Principal - Co-Curri

Rev.Indrarathana

Vidyadarsha National School - Nochchiyagama

bg
image

Sachindu Anjana

Medical College Student

I am very proud to say ' I am a student of Vidyadarsha National School. ' Now i am medical student of Jafna University.

SUBSCribe to our school newsletter