badges

පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය25 May 2023

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින විද්‍යාලයීය භුමියේ දී පවත්වන ලදි.

meeting

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය - වෙසක් සතිය - මැයි 2 සිට මැයි 8 දක්වා03 May 2023

  • 8.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් පුන්‍ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන වෙසක් සතිය වෙනුවෙන් අප විද්‍යාලය අද දින ධර්ම දේශනා මාලාවක් පාසල් භුමියේ දී සිදු කරන ලදි, ධර්ම දේශනාවන් පැවැත්වීම සදහා විද්‍යාලය අවට ප්‍රධාන පන්සල් කිහිපයක ගරු ස්වාමින් වහන්සේලා සිවු නමක් වැඩම කරන ලදි, පාසලේ විදුහල්පතිතුමා, ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනා සහ සියලු අංශයන් වල සියලුම සිසුන් මේ සදහා සහභාගී විය. ලෝ වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.

meeting

විද්‍යාල්‍යීය මහා සභා රැස්වීම - 202305 Jan 2023

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය මහා සභා රැස්වීම ජනවාරි මස 05 වෙනි දින විද්‍යාලයේ අචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහ විශාල දෙමාපියන් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් විද්‍යාල භූමියේදී පැවැත්විණි. පසුගිය අයවැය සහ නව වසරේ වැඩසටහන් පිළිබද වැදගත් කරුණු රැසක් පිළබද අදහස් විද්‍යාලයේ ආචාර්ය දුමින්ද මහතා වාර්තාව ඉදිරිපත් කරන ලදි.

img

උදව් ඇවැසි මොහොතක දරුවකුගේ නැණස පහදන්නට උපකාර කල පාසලේ දරුවකුගේ මවක්20 Dec 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

විදුහල්පතිතුමාගේ මග පෙන්වීම යටතේ අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කල්ප ගිම්හාන් ජයසුන්දර සිසුවාගේ මව විසින් එම ශ්‍රේණියේම ඉගෙනුම ලබන තරුෂිකා සංජීවනී දියණියට පාසල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීම පසුගියදා විද්‍යාලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පති ජිනරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදානය කිරීම සිදුවිය.

img

විද්‍යාල්‍යීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව - 202209 Dec 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

2022 වර්ෂයේ පාසල් අධ්‍යාපන චාරිකාව දෙසැම්බර් මස 06 වෙනි දිනට සංවිධානය කර තිබූ අතර 6 ශ්‍රේණිය සිසුන් කලා වැව ප්‍රදේශය අවට ස්ථාන නැරඹීමටත් 7 ශ්‍රේණිය සිසුන් පොලොන්නරුව ප්‍රදේශය අවට ස්ථාන නැරඹීමටත් 8 ශ්‍රේණිය සිසුන් කොළඹ ප්‍රදේශය අවට ස්ථාන නැරඹීමටත් 9 ශ්‍රේණිය සිසුන් නුවර ප්‍රදේශය අවට ස්ථාන නැරඹීමටත් 10 ශ්‍රේණිය සිසුන් ත්‍රිකුණාමලය ප්‍රදේශය අවට ස්ථාන නැරඹීමටත් 11 ශ්‍රේණි සිසුන් යාපනය ප්‍රදේශයටත් සහ 12,13 ශ්‍රෙණි නුවර එළිය ස්ථාන නැරඹීමටත් සූදානම් විය. එදින උදෑසන 4.00 පමණ වන විට බස් රථ 27 ක ප්‍රමාණයකින් විද්‍යාලයීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව ආරම්භ වූ අතර ඉතාමත් සාර්ථකව සියලුම සිසුන් උද්යෝගිමත්ව චාරිකාව අවසන් කරන ලදි. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් රැසක් ද චාරිකාව සදහා සහභාගී විය. ඉතාමත් සාර්ථක අධ්‍යාපන චාරිකාවක් නිම කිරීමට හැකි වීම පිළිබද විදුහල්පතිතුමා චාරිකාවට සම්බන්ධ වු සියලු දෙනාට සුභ පැතුම් පිරිනමයි.

img

2022 මාර්තු මස අ.පො.ස. සා.පෙළ විභාගයෙන් A-9 ලබා විශිෂ්ඨ ලෙස සමත් සිසුන් තිදෙනෙක් අප විද්‍යාලයෙන්28 Nov 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

2022 මාර්තු මස පවත්වන ලද අ.පො.ස. සා.පෙළ විභාගයෙන් A-9 ක් ලබා විශිෂ්ඨ ලෙස ජය ගැනීමට අප විද්‍යාලයේ දිනිදු තේජාන් තෙන්නකෝන්, නදින දුල්වින් හේවාපත්තිනිගේ සහ කවීන් මිලක්ෂන සේමසිංහ යන සිසුන් තිදෙනා සමත් වී ඇත. එවගේම A-8 සාමාර්ත ලබා ගැනීමට සිසුන් 5 දෙනෙක් ද A-7 සාමාර්ත ලබා ගැනීමට සිසුන් 5 ‍දෙනෙක්ද සමත් වී ඇත. අප පාසලට කීර්තියක් අත් කර දුන් එම සියලුම සිසුන්ට විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ සහ ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්. ජයග්‍රාහි නම් ලැයිස්තුව පහතින් බලන්න.

img

2022 පළාත් ක්‍රීඩා - කාංචන ලක්ෂාන්ගෙන් උස පැනීමේ නව තරග වාර්තාවක්05 Oct 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

අප පාසලේ කාංචන සිසුවා 20න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් පළාත් නව තරග වාර්තාවක් පිහිටුවමින් සමස්ත ලංකා වරම් ලබා ගත් අතර 20න් පහළ බාලිකා හෙල්ල විසිකිරීමේ තරගයට ඉදිරිපත් වු දෙව්නි සිසුවිය සමස්ත ලංකා වරම් හිමිකර ගන්නා ලදි. 14න් පහළ මීටර 80 දිවීමේ තරගයෙන් හේෂාන් සිසුවා පරිසාදන මට්ටමට යමින් කුසලතා සහතික සහ 100x4 14න් පහළ බාලක පරිසාදන මට්ටමට යමින් ජයග්‍රහණය කරන ලදි. කාංචන සිසුවාගේ පුහුණුවීම් සිදු කල ගුරු උපදේශක සුදත් ගුරු තුමන්ටත් ශක්ති වර්ධන ව්‍යායාම් සිදු කල පසිදු මහතාටත් විද්‍යාලයේ ස්තුතිය පුද කරමු.

img

2022 - විද්‍යාලයීය මාධ්‍ය කණ්ඩායම සදහා නිල ලාංඡන පිරිනැමීමේ උත්සවය05 Oct 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

2022 වර්ෂයේ විද්‍යාදර්ශ ජාතික පාසලේ මාධ්‍ය කණ්ඩායමේ සිසුන් සදහා නිල ලාංඡන ලබා දීමේ උත්සවය අද දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී මහත් උත්සවාකාරයෙන් පැවැති අතර විද්‍යාලයේ සිසු දරු දැරියන් 41ක් දෙනෙක් නිල ලාංඡන ලබා ගන්නා ලදි . ගරු විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් සහ සියලුම දරු දැරියන් එම අවස්ථාව සදහා සහභාගී විය. නියෝජ්‍ය විදුහල්පති ලක්මාල් මහතා බීනා කුමාරි ගුරුතුමිය සහ නිපුනි ගුරුතුමිය සහ විද්‍යාලයිය මාධ්‍ය කණ්ඩායම උත්සවය සංවිධානය කරන ලදි.

img

2022-ආකල්ප සංවර්ධන වැඩසටහන් - 8-9 ශ්‍රේණි සහ 10-11 ශ්‍රේණි සදහා උපදේශන වැඩසටහන04 Oct 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

2022 වාර්ෂික සැලැස්මේ ආකල්ප සංවර්ධන වැඩසටහන් යටතේ සංවිධානය කරන ලද 8-9 ශ්‍රේණි සහ 10-11 ශ්‍රේණි සදහා උපදේශණ වැඩසටහන අද දින බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දී පෙ.ව. 8.30 ට ආරම්භ වූ අතර ඒ සදහා විශ්‍රාමික පොලිස් නිලධාරී කීර්ති ජයන්ත මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදි. පෙ.ව. 8.30 සිට 10.30 දක්වා 8-9 ශ්‍රේණි වල සියලුම සිසුන් ද පෙ.ව. 10.30 සිට 12.30 දක්වා 10-11 ශ්‍රේණි වල සියලුම සිසුන් ද සහභාගී විය. ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් රැසක් ද එම අවස්ථාව සදහා සහභාගී විය.

img

ලෝක ළමා දින සැමරුම 2022 - විද්‍යාදර්ශ ජාතික පාසල30 Sep 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

දිනය අදයි... සියලුම දරු දැරියන්ට ආදණීය වාසනාවන්ත ලෝක ළමා දිනයක් වේවා ..! ගෝලීය වශයෙන් ළමයින්ට ගරු කරනු වස් විශ්ව ළමා දිනය සැමරීම සදහා මෙවන් දිනයක් යොදා ගෙන තිබේ. ළමා ලොවේ මිහිර විදින්නට අප දරුවන් වැඩිහිටි පරපුරෙන් අයදින්නේ ඔවුන්ට සුරක්ෂිත ලොවක සහජීවනයෙන් ජීවත් වීමේ අවස්ථාව තහවුරු කර දෙන ලෙසය.
අප විද්‍යාලයීය ළමා දින සැමරුම සියලු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයේ දී පැවැත්වුන අයුරු පහත සබැදියෙන් ඔබත් නරඹන්න...

img

2022-පළාත් ක්‍රීඩා සැහැල්ලු පන්දු බාලිකා - 4 වන ස්ථානය අප විද්‍යාලයට23 Sep 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු මැද පළාත් ක්‍රීඩා තරගාවලියේ දී අප විදයාලයීය සැහැල්ලු පන්දු බාලිකා කණ්ඩායම උතුරු මැද පළාතේ පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දැරියන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

img

2022-පළාත් ක්‍රීඩා සැහැල්ලු පන්දු බාලක - 4 වන ස්ථානය අප විද්‍යාලයට22 Sep 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

උතුරු මැද පළාත් ක්‍රීඩා තරගාවලියේ අප විදයාලයීය සැහැල්ලු පන්දු බාලක කණ්ඩායම උතුරු මැද පළාතේ පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දරුවන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

img

2022-කලාප ක්‍රීඩා 6 වන ස්ථානය අප විද්‍යාලයට10 Aug 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • ICT Unit

අනුරාධපුර නගරයේ සහ අවට පාසල් විශාල සංඛ්‍යාවක් අභිබවා යමින් අප විද්‍යාදර්ශ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලාප ක්‍රීඩා කරගාවලියෙන් 6 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එම දරු දැරියන්ට සහ අප විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම්...

img

නැවත පාසල් ආරම්භය05 July 2022

  • 7.30 am to 1.30 pm
  • Vidyadarsha National School
  • Tuesday

රජය විසින් ලබා දී තිබූ පාසල් නිවාඩුව අවසන් වී නැවත පාසල ආරම්භය 2022 ජූලි මස 05 වන අගහරුවාදා සිදු වන අතර සියලු සිසුන් මුඛ ආවරණ පැලද පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිතුමා සියලුම සිසුන්ට දන්වා සිටී.

img

ජීව විද්‍යා පාඩම - ප්‍රසන්න සර්25 March 2022

  • 9.00 am
  • Vidyadarsha National School
  • Wednesday

ප්‍රථම වතාවට පාසලක් තුල ක්‍රියාත්මක කරන ලද සජීවි සත්ව ශල්‍යකර්මය අප විදයාලයේ 12 ශ්‍රේණියේ ජීව විද්‍යා සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලය තුලදී පැවැත්වේ. ඔබට ලැබෙන මේ දුර්ලභ අත්දැකීම සදහා සියලු දෙනා සහභාගී වන්න.

img

2020 - අපොස සාමාන්‍ය පෙළ විභාගය27 Jan 2021

  • 9.00 am
  • Vidyadarsha National School
  • Wednesday

2020 වර්ෂය සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 01 වෙනිදා සිට ආරම්භ වේ. සියලුම සිසුන් සූදානම් වන්න.

SUBSCribe to our newsletter